News Line| Off Air
Generic placeholder image

Jun
10

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 කට ස්ථාන මාරු

608 Views


නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 කට ස්ථාන මාරු

වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත අදාල ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විශේෂ කාර්යය බලකායේ අණදෙන නිළධාරි ලෙස පත් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එස්.ආර් නාගහමුල්ල මහතා කොළඹ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවට අමතරව බස්නාහිර පළාත් උතුර දිසාව වැඩ බැලීම සඳහා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පති එම්.එන් සිසිර කුමාර මහතා මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා දිසාවට අමතරව බඳවා ගැනිම් හා විභාග දිසාව භාරව ද පත්කර තිබේ.

බඳවාගැනිම් හා පුහුණු ජාතික පොලිස් අභ්‍යාස ආයතනය හා සේවස්ථ පුහුණූ දිසාවේ රාජකාරි කළ නියෝජ්‍ය පොලිස්පති යූ.පී.ඒ.ඩී.කේ.පී කරුණානායක මහතා ජාතික පොලිස් අභ්‍යාස ආයතන දිසාවට ස්ථාන මාරුකර ඇති බව සදහන්.

එමෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිළධාරි ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ජී.එල්ගුණතිලක මහතා ත්‍රිකුණාමලය දිසාවට ස්ථාන මාරුකර ඇත.

ත්‍රිකුණාමලය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.කේ.ඩි.විජය ශ්‍රී මහතා සේවස්ථ දිසාවවෙත ස්ථාන මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post