News Line| Off Air
Generic placeholder image

Jun
10

රාජිතට ඇප

824 Views


රාජිතට ඇප

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10) නියම කළේය.

ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව වාර්තා වේ.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඉකුත් දෙසැම්බර් මස 24 වන දා අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු සැකකරු පෞද්ගලික රෝහලකට ඇතුළත්වීම තුළින් ඔහු අධිකරණය මගහැර යාමට කටයුතු කර ඇති බවට පැමිණිල්ල විසින් කරුණු දක්වා ඇති බවය.

මීට දඬුවමක් වශයෙන් සැකකරු දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා, ඒ බව තහවුරු කෙරෙන නඩු තීන්දු ගණනාවක් ද අධිකරණය හමුවේ කියවා පැහැදිලි කර දුන්නේය.

මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන වැරදි සියල්ල ඇප දිය හැකි වැරදි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඔහුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රබල කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවද සඳහන් කළේය.

ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.


News Articles
Latest Videos
Most Popular Post