News Line| Off Air
Generic placeholder image

Jun
10

දිස්ත්‍රික්ක 6ක ඩෙංගු මර්දනයට පියවර

823 Views


දිස්ත්‍රික්ක 6ක ඩෙංගු මර්දනයට පියවර

දිවයිනේ ඩෙංගු අවදානම සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක 06ක හෙට (11) සිට දින තුනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල එම වැඩසටහන් ආරම්භ කෙරෙන බවය.

‍මේ අතර අද (10) සිට ඉදිරි දිනවලදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වර්ෂාපතනයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post