News Line| Off Air
Generic placeholder image

Jun
10

උපකාරක පන්ති ජුනි 29 සිට නැවත ඇරඹීමට අවසර

1177 Views


උපකාරක පන්ති ජුනි 29 සිට නැවත ඇරඹීමට අවසර

උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන්නේ ජුනි මස 15 දින නොව 2020 ජුනි 29 වැනි දින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100 කට සීමා වේ.

නමුත් සිසුන් සිය දෙදෙනෙකුට හෝ අදාළ පන්ති කාමරයේ හෝ ශාලාව තුළ ඉගැන්වීමට පහසුකම් නොමැති ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් සහභාගී කරවා ගැනීමට අවසර දෙනු ලැබේ.

මෙම සියලූම අවසරයක් ලබා දෙනු ලබන්නේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අදාළ සියලු පාර්ශවයන් විසින් පූර්ණ වශයෙන් පිළිපැදීමට යටත්වය.


News Articles
Latest Videos
Most Popular Post