News Line| Off Air
Generic placeholder image

Jun
11

විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අද

575 Views


විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අද

විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ විශේෂ රැස්වීමක් අද පස්වරු 2.00 ට පැවැත්වෙන බවය.

ඒ, සියලු උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙනි.

විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදාළ උපදෙස් මාලාව මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී ඇතැයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ය.

කොටස් වශයෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.


News Articles
Latest Videos
Most Popular Post