පසුගිය ජනවාරි 03 වනදා ඇමෙරිකා ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන කුද්ස් බලකායේ අණදෙන නිලධාරි ජනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් බවට ඉරාන ජාතිකයෙකුට ඉරාන අධිකරණ විසින් මරණ දඬුවම ලබා දී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
මරණ දඩුවම හිමිව ඇති ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ් නැමැත්තා විසින් ඉරාන හමුදා ප්‍රධානි රැදී සිටි තැන් ගැන තොරතුරු අමෙරිකාවේ CIA සහ ඊශ්‍රායෙල් මොසෑඩ් ඔත්තු සේවයට ලබා දී තිබෙන බවට ඉරාන අධිකරණය විසින් සනාථ කර තිබෙනවා.