News Line| Off Air
Generic placeholder image

Jun
12

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් 1877 දක්වා ඉහළට

865 Views


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් 1877 දක්වා ඉහළට

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1877 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (11) දිනයේ ආසාදිතයන් 08 දෙනෙකු හඳුනාගෙන තිබු අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් වෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම නාවික හමුදා සාමාජිකයින් ඉයක්කච්චි , මුලතිව් සහ විදත්තපළේ නිරෝධයන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බවය.

පසුගිය සිකුරාදා සිට අද දක්වා ගතවු සතිය තුළ වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 80 දෙනෙකු පමණි. එය පෙර සතිය සමග සැසදීමේ දි ඉතා අඩු අගයක් වෙයි.

මේ අතර තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 716 දෙනකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය. මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1150 දෙනෙකු වෙයි.


News Articles
Latest Videos
Most Popular Post