අද (13) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
මීගමුව, කල්පිටිය, කොටපොල, ලුණුගම්වෙහෙර, රත්තොට සහ දිඹුලාගල යන ප්‍රදේශවලදී මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.
කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙම පෙරහුරු මැතිවරණ පැවැත්වීමෙන් අපේක්ෂා කෙරේ.