News Line| Off Air
Generic placeholder image

Jun
13

සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1252ක්

559 Views


සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1252ක්

අද (13) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 56 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1252 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(12) වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ ගණන 1880 ක් දක්වා ඉහල ගොස් ඇත.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බවත් අනෙක් ආසාදිතයා කුවෙට් සිට පැමිනි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post