කොරෝනා වෛරසය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද සිට නතර කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශය ද මේ පිලිබදව දැනුවත් කල බවත් කෙසේ වෙතත් මැතිවරණ කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙන හෙයින් ඖෂධ බෙදාහැරිමේ කටයුතු සිදුකිරිමේ අපහසුතා මතුව ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් ජනතාවගේ උපදෙස් මත ඖෂධ බෙදාහැරිමේ කාර්යය ඉදිරියටත් නව ක්‍රම්වේදයක් ඔස්සේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි සදහන් වන්නේ.