News Line| Off Air
Generic placeholder image

Jun
16

ඉන්දියාවේ දුම්රිය මැදිරි 500 ක් කොරෝනා ආසාදිතයින්ගෙන් පිරෙයි

1226 Views


ඉන්දියාවේ දුම්රිය මැදිරි 500 ක් කොරෝනා ආසාදිතයින්ගෙන් පිරෙයි

දිනෙන් දින කොරෝනා බලපෑම ඉහල යන ඉන්දියාවේ අද වන විට ආසාදිතයින් 320.000 ඉක්මවා තිබෙනවා. මේ අනුව වැඩි වන ආසධිතයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සදහා රෝහල්වල ඉඩකඩ නොමැති වීම නිසා ඉන්දියාවේ දුම්රිය මැදිරි 500 ක් තාවකාලික වාට්ටු බවට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන රටවල් අතරට ඉන්දියාව 04 වන ස්ථානයට පත්ව තිබෙනවා. මහා රාෂ්ට්‍ර ප්‍රාන්තය කොරෝනා වසංගතයේ මර්මස්ථානයන් අතරට පත්ව තිබෙන අතර තමිල්නාඩුව , මුම්බායි අගනුවර ඊට නොදෙවැනි බලපෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post