News Line| Off Air
Generic placeholder image

Jun
16

කොවිඩ් නැවත නැඟිටීමේ හැකියාව පිළිබඳව රටවල් අවදියෙන් සිටිය යුතු බවට WHO අනතුරු අගවයි

818 Views


කොවිඩ්  නැවත නැඟිටීමේ හැකියාව පිළිබඳව රටවල් අවදියෙන් සිටිය යුතු බවට  WHO අනතුරු අගවයි

අද වන විට ලොව පුරා කොරෝනා රෝගීන් මිලියන 08 ඉක්මවා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අතර මිලියන 03. 8 ක් පිරිසක් සුවය ලබා තිබෙනවා. අවම වශයෙන් 435.662 ක් පමණ මෙම වෛරසය අසාදනයෙන් මරණයට පත්ව ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදිත දත්ත සාක්ෂි දරනවා.

වැඩිම මරණ ගණනක් අමෙරිකාවෙන් වාර්තා වන අතර බ්‍රසීලය සහ එක්සත් රාජධානිය පිලිවෙලින් එම වාර්තාවේ දෙවන සහ තෙවන ස්ථානයට පත්ව තිබෙන බව සදහන්.

තව දුරටත් මේ පිලිබදව අදහස් පල කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රේසස් අනතුරු අඟවමින් ප්‍රකාශ කරන්නේ චීනයේ බිජිං නුවර නැවත කොරෝනා ආසාදිතයින් මතුවෙමින් පවතින අතර එමෙන්ම දිනකට ලොව පුරා කිරීටක වෛරස් රෝගීන් 100,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග වෛරසය නැවත නැඟිටීමේ හැකියාව පිළිබඳව රටවල් අවදියෙන් සිටිය යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post