News Line| Off Air
Generic placeholder image

Jun
16

ප්‍රවෘත්ති මුලාශ්‍ර අතර ලෙස Instagram, Twitter අභිබවා යන ලකුණු?

1264 Views


ප්‍රවෘත්ති මුලාශ්‍ර අතර ලෙස Instagram, Twitter අභිබවා යන ලකුණු?

2018 වසරේ සිට වසර දෙකක් තිස්සේ ප්‍රවෘත්ති සඳහා Instagram භාවිතය දෙගුණයක් වී ඇති බවට රොයිටර් පුවත් සේවයේ ඩිජිටල් ප්‍රවෘත්ති වාර්තාවේ සදහන් කර තිබෙනවා. එම වාර්තාවට අනුව එක්සත් රාජධානියේ පමණක් වයස 18 – 24 පරාසයේ ළමුන්ගෙන් හතරෙන් පංගුවක් පමණ කොරෝනා වයිරසය පිළිබඳ ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස Instagram භාවිතා කර ඇති බව අනාවරණය වී ඇත.

එහෙත් මෙම සමීක්ෂණයේදී ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස සමාජ මාධ්‍ය විශ්වාස කරන බව පවසා ඇත්තේ 26% ක පමණ ප්‍රතිශතයක් වන නමුත් මෙම සමීක්ෂණයට පිළිතුරු සියලු දෙනාගෙන් තුනෙන් එකකට වඩා Instagram භාවිතා කරන අතර වයස 25 න් පහල අයගෙන් තුනෙන් දෙකක්ම Instagram පරිශීලකයින් බව තහවුරු වී තිබෙනවා. සමස්තයක් ලෙස ගත් විට 11% ක් Instagram ප්‍රවෘත්ති සඳහාම භාවිතා කරන අතර මේ අනුව ප්‍රවෘත්ති මුලාශ්‍ර අතර Instagram මාධ්‍ය Twitter අභිබවා යන ලකුණු පෙන්නුම් කරනවා.

මෙම වාර්තාවේ ප්‍රධාන කතුවරයා වන “Nic Newman” විසින් ප්‍රකාශ කර ඇත්තේ “Instagram’s become very popular with younger people” (Instagram තරුණයින් අතර ඉතා ජනප්‍රිය වී ඇති බවයි )


News Articles
Latest Videos
Most Popular Post