ඒ ඊයේ (17) දිනයේ වාර්තා වූ නව රෝගීන් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 1924 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
රෝගීන් 05දෙනෙකු චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වන අතර දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් වනවා. මේ අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ද ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් ලෙස හදුනා ගැනුනා.
මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය රෝගීන් ගණන 1397 ක් දෙනෙකු ලෙස ඉහල ගොස් තිබෙන අතර රෝගීන් 516 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.