News Line| Off Air
Generic placeholder image

Jun
18

චීනය තුළ සැමන් මත්ස්‍ය භීතිකාවක් හටගනී

1388 Views


චීනය තුළ සැමන් මත්ස්‍ය භීතිකාවක් හටගනී

පසුගිය සතියේ බීජිං හි කෝවිඩ් 19 රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණි. මේ සියල්ලම පාහේ විශාල තොග ආහාර වෙළඳපොළකට සම්බන්ධ වී තිබේ. ෂින්ෆාඩි වෙළඳපොලේ (Xinfadi market) ආනයනය කරන ලද සැමන් කැපීම සඳහා භාවිත කරන පුවරු මත තිබී මෙම වෛරසය සොයා ගත් බව රාජ්‍ය මාධ්‍ය පවසයි. බිජින්හි සුපිරි වෙළඳසැල් සහ අවන්හල් ඔවුන්ගේ රාක්ක වලින් සැමන් මසුන් ඉවත් කිරීමට යුහුසුළු වූ අතර යුරෝපයෙන් ආනයනය කිරීම නවතා දමන ලදී. පසුගිය බදාදා දින ටියන්ජින්හි (Tianjin) ශීත කල ශීත කළ මුහුදු ආහාර පිරිසිදු කළ බව කියන 22 හැවිරිදි පුද්ගලයෙකුට වෛරසය වැළඳී ඇති බව නිවේදනය වී ඇත. 

නමුත් චීනයේ රෝග පාලන මධ්‍යස්ථානය (CDC) පැවසුවේ සැමන් මත්ස්‍යයා මගින් වෛරසය ගමන් කළ බවක් සිතිය නොහැකි බවයි. පසුගිය බ්‍රහස්පතින්දා බීජිනය සිය පළමු වෛරස් රෝගය වාර්තා කළේ දින 57 කට පසු දේශීයව සම්ප්‍රේෂණය නොවූ ආසදනයකිනි. එතැන් සිට, රෝගීන් 150 කට ආසන්න සංඛ්‍යාවක් සනාථ වී ඇත. මේ සියලු දෙනාම පාහේ නගරයේ විශාලතම තොග වෙළඳපොළ සමඟ සම්බන්ධ වී ඇත. ෂින්ෆාඩි බීජිං හි එළවළු සහ මස් වලින් 80% ක් සපයන අතර ඒවා දිනකට දස දහස් ගණනක් පිරිස භාවිතා කරයි. නමුත් වුහාන්හි වෙළඳපල මෙන් නොව, ෂින්ෆාඩි වෙළඳපොලේ වනජීවී වෙළඳාමක් පිළිබඳ සාක්ෂි නොමැත. ආනයනික සැමන් මත්ස්‍යයින් විකුණන්නෙකු විසින් භාවිතා කරන ලද කපන පුවරුවක මෙම වෛරසයේ අංශු මාත්‍ර සොයාගෙන ඇති බව වාර්තා වී තිබේ. නමුත් වෙළඳපොලේ සාම්පල 40 ක් පමණ වෛරසයට පොසිටිව් වී ඇති අතර, ඒවායින් සමහරක් සැමන් කැපීම සඳහා භාවිතා කරන පුවරු නොවන බව බීජිංහි නාගරික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය. චීන රෝග මර්දන මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ සැමන් මත්ස්‍යයා වෛරසය සඳහා සත්කාරකයා හෝ අතරමැදි සත්කාරකයකු බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. එබැවින් වෙළඳපොලට වෛරසය අසාදිත පුද්ගලයින් පැමිණීමෙන් මෙය සිදුවී ඇති බවට සැක කරයි.


News Articles
Latest Videos
Most Popular Post