පසුගියදා තණමල්විල සෙවනගල ප්‍රදේශයේදී හමු වූ කොරෝනා ආසාදිත නාවික සෙබලා වාර්තා වීමත් සමග ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගනු ලැබුවා. ඊට සමගාමිව අද එම ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 15 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට කෙරුණා.