News Line| Off Air
Generic placeholder image

Jun
19

ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත් මුද්‍රා තබයි

1161 Views


ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත්  මුද්‍රා තබයි

ඉන්දියාවට මේ වන විට කොරෝනා වෛරසයේ ප්‍රබල බලපෑමක් සිදු කරනු ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අද ඉන්දීය චෙන්නායි නුවර යලිත් වසා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ තමිල්නාඩුවේ බහුතරයක් චෙන්නායි රෝගීන් ලෙස හදුනාගෙන තිබීමයි. මේ අතර දකුණු චෙන්නයි අසල්වැසි දිස්ත්‍රික්ක 03ක් මේ වන විට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම නගරයෙන් පිටවීම සදහා බොහෝ රථවාහන මුර පොළවල් වාහන වලින් පිරි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ අනුව නගරයේ සිල්ලර වෙළෙදසල් සහ ඉන්ධන පිරවුම්හල් විවෘතව පවතින නමුත් එය සීමිත පැය ගණනකට සීමා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post