News Line| Off Air
Generic placeholder image

Jun
19

බස්රථ මගීන්ගේ පහසුව පිණිස Passenger App එකක් හදුන්වා දීමට යයි

691 Views


බස්රථ මගීන්ගේ පහසුව පිණිස  Passenger App එකක් හදුන්වා දීමට යයි

පොදු ප්‍රවාහන සේවා අතර මුල් තැනක් ගන්නා බස් රථ මගීන්ගේ පහසුව පිණිස ජාතික ගමනාගමන කොමිෂම විසින් සියලුම බස්රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක් හදුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි.

මේ තුලින් මගී ජනතාවට තමන් ගමන් කරන බස්රථය පිලිබදව දත්ත ජංගම දුරකථනය හරහා ලබාගැනීමට හැකි වෙනවා. එනම් තමන් ගමන් කිරීමට අපේක්ෂිත බස් රථය පැමිණෙන්නේද නැද්ද පිලිබදවත් බස් රථය ගමන් කරන ස්ථානය ආදී තොරතුරු දැනගත හැකි වෙනවා.

ඒ අනුව මෙම ජංගම දුරකථන යෙදුම ඉදිරි සතිය තුලදී මහජනතාවට හදුන්වා දීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post