හැටන් නගරයේ මහජන වෙළඳපල ආශ්‍රිතව පාරිභෝගිකයින්ට අවහිර වන සේ පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අවස්ථාවේ අනවසර වෙළෙදසැල් හිමිකරුවන් හා නගර සභාවේ නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් ද හටගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.