News Line| Off Air
Generic placeholder image

Jun
20

2024 දී යෝධ බැලුනයක් තුලින් පෘථිවි වායුගෝලයට මගින් යැවීමට සැලසුම් ( pohoto )

686 Views


2024 දී යෝධ බැලුනයක් තුලින් පෘථිවි වායුගෝලයට  මගින් යැවීමට සැලසුම් ( pohoto )

දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂනය උපයෝගී කරගෙන අභ්‍යවකාශ ජය ගැනීමට වෙහෙස දරන අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන SPACE ( ස්පේස් පර්පෙචුවල් ) විසින් 2024 දී යෝධ බැලුනයක් හරහා අන්තික් ගෝලයට මගින් යැවීම සදහා උත්සාහයක නිරත වෙනවා.

ඒ අනුව යෝධ බැලුනයක් තුලින් පෘථිවි වායුගෝලයට සංචාරකයින් දියත් කිරීම මෙහි අරමුණ වන අතර ඒ තුලින් සංචාරකයින්ට පෘථිවියේ දර්ශනීය දර්ශන බලාගත හැකි වෙනවා.

‘ස්පේස්ෂිප් නෙප්චූන්’ නම් පියාසර අභ්‍යවකාශ බැලූනය පීඩනයට ලක්වූ කැප්සියුලයකින් සංචාරකයින් අඩි 10,000 ක් ආන්තික ගෝලය තුළට ඇතුළු කරයි.

කෙසේ වෙතත් මේ සදහා ඩොලර් 125,000 ක් (ඩොලර් 100,000) ක් වැය වනු ඇතැයි වාර්තා වෙනවා. යානයට පුද්ගලයින් 09 දෙනකු නියමුවාද ඇතුළුව ඇතුලත් කල හැකි අතර ප්‍රණීත ආහාර පාන සනිපාරක්ෂක ක්‍රමවේද ඇතුලත් වෙනවා.

“පළමු වතාවට, අපගේ ගවේෂකයන්ට, අවම භෞතික අවශ්‍යතා සහිත ආරක්ෂිත, සුවපහසු ආකාරයකින් සහ ගුවන් යානයකට ගොඩවීම තරම් සරල අභ්‍යවකාශ ගමනක් ඔබට ලබා ගත හැකිය. බවයි ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් කර තිබෙන්නේ.

දශකයේ අවසානය වන විට මෙම මෙහෙයුම් 500 ක් ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සෑම වසරකම ගුවන් ගත කිරීම අරමුණු කර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post