මේ වන විට චීනයේ බීජිං නුවරින් නව කොවිඩ් – 19 ආසාදිතයන් 200 ඉක්මවා තිබෙන බව වාර්තා වෙනවා. මේ හේතුව මත යලිත් නගරයේ ජනතාවගේ ජිවන රටාව සීමාවකට ලක් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ගෙන තිබෙනවා.
මේ අනුව බීජිං හි සියළුම ආහාර හා පාර්සල් බෙදා හැරීමේ සේවකයින් කොව්ඩ් පරීක්ෂණය සඳහා යොමු කිරීම ලක් කල තිබෙන අතර සියලු පාසල් හා විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.