කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් මේ වන විට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව යථා පත් කරන මේ අවස්ථාවේ පසුගියදා සියලු ජාතික සත්වෝද්‍යාන හා වන උද්‍යාන විවෘත කිරීමට අවසර ලැබුවා. මේ අනුව යමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ද පසුගියදා විවෘත කෙරුණු අතර මේ වන විට හෝර්ටන්තැන්න දිනකට නැරඹිය හැක්කේ සංචාරක කණ්ඩායම් 50 කට සිමා කර තිබෙනවා.
එමෙන්ම අවසර ලත් එම කණ්ඩායම්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බවයි බලධාරීන් පවසන්නේ.
මේ අතර වනෝද්‍යානය උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් සංචාරකයන් වෙනුවෙන් විවෘත ඇති බවයි දුරටත් සදහන් වන්නේ.