සිය රටේ කොරෝනා ආසාදිතයින් වැඩි ඒ සදහා කරනු ලබන පරීක්ෂණ වැඩි නිසා බවයි ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ. ඒ හේතුවෙන් කරනු ලබන පරීක්ෂණ අඩු කරන ලෙසට සිය සෞඛ්‍ය බලධාරීන්ට තමන් උපදෙස් දුන් බවයි ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් සදහන් කරන්නේ.
ඔක්ලොහොමා ප්‍රාන්තයේ ටුල්සහි පැවැති සිය ප්‍රථම මැතිවරණ රැලිය අමතමින් ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කොට තිබෙන්නේ ඔක්ලොහොමා ප්‍රාන්තයේ ඇතළු ආසන්න ප්‍රාන්ත කිහිපයකම කොවිඩ් – 19 ආසාදිතයින් බහුල වශයෙන් වාර්තා වී ඇති පසුබිමක වීම විශේෂත්වයක්.