News Line| Off Air
Generic placeholder image

Jun
22

දිස්ත්‍රික 18ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලය

885 Views


දිස්ත්‍රික 18ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලය

ඉදිරි මැතිවරණයට අදාල දිස්ත්‍රික 18ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රඡයේ මුද්‍රණාලාධිපතිණි ගංගා කල්පනා ලියනගේ මහත්මිය පවසනවා. එතුමිය වැඩි දුරටත් සදහන් කරන්නේ දිස්ත්‍රික 11ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත බාර දී ඇති බවයි.

මේ අතර මන්නාරම හා මුලතිව් අවතැන් වූවන් හටද ඡන්දය දැමීම සඳහා අවකාශය ලබා දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඹහු මේ අදහස් පළ කලේ උතුරු පළාත් මැතිවරණ රාජකාරියේ නිරත වන අතරතුරයි. රූපවාහිනිය, ගුවන් විදුලිය හා පුවත්පත් දැන්වීම් මුදල් ගෙවා ප්‍රචාරය කිරීමට බලයක් නොමැති අතර, ප්‍රවෘත්ති සහ වෙනත් වැඩසටහන් මගින් ඒ සඳහා අවස්ථාව ලබා දෙන මෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post