ඇපල් සමාගම සිය මැක් ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක තමන්ගේම ARM මත පදනම් වූ ප්‍රොසෙසරයකට මාරු කරන බව තහවුරු කර තිබෙන අතර ඇපල් සමාගමේ වාර්ෂික ලෝක ව්‍යාප්ත සංවර්ධකයින්ගේ සමුළුවේදී (WWDC) මෙම නිවේදනය නිකුත් කරන ලද අතර මෙහිදී Macs පරිගණක තම සමාගමේ අයිෆෝන් සහ අයිපෑඩ් වැනි චිප්ස් මත ධාවනය වන අතර Intel චිප තවදුරටත් භාවිත නොවන බව පැවසෙනවා. Intel විසින් තමන්ගේම මෝස්තර නිපදවීමේ ගැටළු වලට මුහුණ දී ඇති අතර එමඟින් පරිගණක නිෂ්පාදකයින් ඉදිරියේ ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සිදුව තිබෙනවා. ඇපල් සමාගමේ අභිප්‍රාය වනුයේ මෙම සංක්‍රාන්තිය සුමටව සිදු කිරීම සහ ඒ අනුව ඔවුන්ගේ යෙදුම් යාවත්කාලීන කිරීමට තෙවන පාර්ශවීය සංවර්ධකයින්ට ඒත්තු ගැන්වීමයි.
එමෙන්ම මෙම වසර අවසානය වන විට පළමු Mac පරිගණකය ඇපල් සිලිකන් සමඟ නැව්ගත කිරීමට බලාපොරොත්තු වන බව සමාගමේ ප්‍රධාන විධායක Tim Cook සදහන් කරනවා.