News Line| Off Air
Generic placeholder image

Jun
23

WhatsApp ගිණුම් හැක් කිරීමේ කණ්ඩායමක් ගැන අනතුරු ඇගවීම්

989 Views


WhatsApp ගිණුම් හැක්  කිරීමේ කණ්ඩායමක්  ගැන අනතුරු ඇගවීම්

සමාජ මාධ්‍ය හරහා එවන පණිවිඩ මගින් WhatsApp වෙත ඇතුල් වීමට සලසන මුවාවෙන් පරිශීලක ගිණුම් තොරතුරු ලබා ගැනීමට තැත් කරන හකර්වරුන් පිලිබඳ විදෙස් පුවත් සේවාවක් වාර්තා කරනවා.

වංචනිකයින් ඉලක්කම් හයේ පිවිසුම් කේතයක් යැවීමෙන් අනන්‍යතාවය තහවුරු කර ගන්නා ලෙස පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින අතර නමුත් එම කේතය යැවීමට ඔබගේ ගිණුම් තොරතුරු ඇතුලත් කිරීමේදී අතුරු මුහුණතක් හරහා ඔබගේ තොරතුරු සොරා ගන්නා අතර අපට සැබෑ තොරතුරක් ලෙස ඒත්තු ගැන්වීමට WhatsApp ලාංඡනයේ රූපයක් භාවිතා කරයි.

WhatsApp එසේ පණිවිඩයක් එවන්නේ නැති බවත් එය ව්‍යාජ තොරතුරක් බවත් WhatsApp බ්ලොග් අඩවිය පවසා සිටිනවා. WhatsApp කිසි විටෙකත් දත්ත හෝ සත්‍යාපන කේත ඉල්ලන්නේ නැති බවත්, හැකර්වරු ගිණුමක් පැහැරගත් පසු ඔවුන් මුදල් ඉල්ලා හෝ ඔබ සිටින කණ්ඩායම් සහ ඔබට ලැබෙන නව පණිවිඩ වැනි පුද්ගලික තොරතුරු සොරකම් කළ හැකි බවත් සඳහන් කරනවා


News Articles
Latest Videos
Most Popular Post