පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
හරිස් රවූෆ්, ශදාප් ඛාන්, හයිදර් අලී යන ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බව පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරන බව වාර්තා වෙනවා.
මීට අමතරව ඉමාන් වසීම් සහ උස්මාන් ශිනවාරි ද කොවිඩ් නයින්ටින් පරීක්ෂණයට භාජනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර තිබෙනවා.