දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසිබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
මේ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.