News Line| Off Air
Generic placeholder image

Jun
24

පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට ඉන්දියාවෙන් දැනුම් දීමක්

646 Views


පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට ඉන්දියාවෙන් දැනුම් දීමක්

දින 7 ක් ඇතුළත කාර්යමණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව හරි අඩකින් අඩු කරන ලෙස ඉන්දියාව, නවදිල්ලියේ පිහිටි පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙයට සමගාමීව පකිස්ථානයේ සිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද හරි අඩකින් අඩු කරන බවයි.

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පකිස්ථානයට මෙලෙස නියෝග කළ අතර පකිස්ථාන නිලධාරීන් ඔත්තු බැලීමේ සහ ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පැවැත්වීම මෙම තීරණයට හේතුව බව ඉන්දියාව පකිස්ථානයට දැනුම්දී තිබේ.

එවැනි චෝදනා එල්ල වූ පකිස්ථාන රාජ්‍යත්‍රාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකු ඉකුත් මැයි මස 31 වැනි දා පිටුවහල් කිරීමට ද ඉන්දියාව පියවර ගත්තේ ය.

ඉන්දියාව පවසන්නේ පකිස්ථානයේ එම හැසිරීම වියානා සම්මුතියට පටහැනි බවයි. පකිස්ථානයේ ක්‍රියාකලාපය කොන්සියුලර් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සම්බන්ධයෙන් එළඹි ද්වීපාර්ශ්වික එකඟතාවයන්ට පටහැනි බව ද ඉන්දියාව පවසයි.

පසුගිය දා පකිස්ථානයේ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ සේවකයින් දෙදෙනෙකු පකිස්ථාන බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

පකිස්ථානය සඳහන් කළේ, රිය අනතුරක් සිදු කර පළා යෑම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවය. කෙසේවෙතත් අත්අඩංගුවේ සිටියදී එම නිලධාරීන්ට දැඩි වදහිංසා පමුණුවා තිබූ බව ඉන්දියාව ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post