News Line| Off Air
Generic placeholder image

Jun
25

අද කාලගුණය

524 Views


අද කාලගුණය

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (25) සහ හෙට (26) ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 තරමක තද වැසි බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තද සුළං ද ඇති ඇති විය හැකි බව එමදෙපර්තුම්න්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post