News Line| Off Air
Generic placeholder image

Jun
25

උතුරු කොරියාව හිටි හැටියේ වෙනස් වෙයි – දකුණු කොරියාවට එරෙහි යුධ සැලසුම අත්හරින ලකුණු ?

669 Views


උතුරු කොරියාව හිටි හැටියේ වෙනස් වෙයි – දකුණු කොරියාවට එරෙහි යුධ සැලසුම අත්හරින ලකුණු ?

උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට එරහිව දියත් කිරීමට සැලසුම් කර තිබු යුධමය ක්‍රියාමාර්ගය හිටි හැටියේ නවතා දැමීමට තීරණය කර තිබෙන බව උතුරු කොරියානු KCNA රාජ්‍ය පුවත් සේවය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

කොරියානු දේශ සිමා අර්බුදය ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් සිටි පසුබිමක උතුරු කොරියාවේ මෙම ක්‍රියාකලාපය දකුණු කොරියවටද සිතා ගත නොහැකි බවයි එරට පුවත් සේවා වාර්තා කරන්නේ.

පසුගියදා උතුරු කොරියාව විසින් කොරියානු දේශ සිමාවේ පිහිටි සන්නිවේදන මධ්‍යස්ථානය පුපුරුවා හැරීමට ද කටයුතු කල අතර මේ හේතුවෙන් උත්සන්න වූ යුධමය තත්වය මත දෙරට අතර සිමාවේ ශබ්ද විකාශන යන්ත්‍ර පිහිටුවීමටද කටයුතු කළා. මේ අනුව මෙම ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කිරීමට දැන් උතුරු කොරියාව කටයුතු කරමින් සිටින අතර එපමණක් නොව විවේචනිය අදහස් පල කල උතුරු කොරියානු වෙබ් අඩවියද එම ප්‍රකාශ නවතා දමන ලෙස නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post