News Line| Off Air
Generic placeholder image

Jun
25

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර ගොඩනැංවීමට මහ බැංකුවෙන් ණය යෝජනා ක්‍රමයක්

653 Views


කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර ගොඩනැංවීමට මහ බැංකුවෙන් ණය යෝජනා ක්‍රමයක්

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර 13, 861 ක් ගොඩනැංවීම සඳහා රුපියල් බිලියන 27.9 ක මුදලක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ, 4% ක පොලී අනුපාතිකයක් යටතේ ය.

ඒ අනුව දිවයින පුරා ව්‍යාපාර 7274 ක් සඳහා බැංකු පද්ධතිය මගින් ඊයේ මුදාහැර ඇති මුදල රුපියල් බිලියන 14.8 කි.

අදාළ ණය යෝජනා ක්‍රමය 4% ක සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ ක්‍රියාත්මක වන්නේ මාස 6 ක සහන කාලයකට යටත්ව මාස 24 කින් ආපසු ගෙවා නිම කළ හැකි ආකාරයෙන් ය.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය සහ රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා රජය සමග එක්ව ශ්‍රී ලංකා මහ බැංකුව එය ක්‍රියාත්මක කරනු ලබයි.

අදාළ ණය යෝජනා ක්‍රමය නම්කර ඇත්තේ “සෞභාග්‍යා COVID19 පුනරුද සහන“ ප්‍රතිමූල්‍ය පහසුකම ලෙසයි.

එහි දෙවන අදියර යටතේ රුපියල් බිලියන 120 ක් සියයට එකක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ වාණිජ බැංකු වෙත ලබාදීමට නියමිත බව ද මහ බැංකුව නිවේදනය කළේ ය.

එම අරමුදලේ බලපෑමට ලක්වූ ව්‍යාපාර යළි ගොඩනැංවීම සඳහා 4% ක සහන පොලී අනුපාතිකයක් යටතේ මුදා හැරෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post