අද (25) සවස 2.00 වන විට කොරෝනා ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද උදෑසන කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1602 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට ආසාදිතයින් 394 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.