News Line| Off Air
Generic placeholder image

Jun
26

සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 820ක් දක්වා ඉහළ යයි

536 Views


සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 820ක් දක්වා ඉහළ යයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 820 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 901 දෙනාගෙන් 820 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවත් නාවික සාමාජිකයින් 81 ක් ප්‍රතිකාර ලබන බව ද නාවික හමුදාව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post