ඉන්දියාවේ කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ දුම්රිය ධාවනය අගෝස්තු 12 දක්වා අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
මේ අනුව සාමාන්‍ය මගී දුම්රිය සේවා, නගාරාන්තර දුම්රිය සේවා සහ රාත්‍රී තැපැල් දුම්රිය සේවා මෙලෙස අවලංගු කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්දීය රජය මගින් හදුන්වා දුන් ෂ්‍රාමික් දුම්රිය සේවය පවතින තත්වය මත වුවද මගී අපහසුතාවය අවම කිරීම සදහා ධාවනය කිරීම කටයුතු කරන බව එරට රජය ප්‍රකාශ කරනවා.