දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කළ ද මගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම මිලියන 17 සිට මිලියන 7 දක්වා අඩුවී ඇති බවයි.
දිවා කාලයේ මගීන්ගේ විශාල අඩුවක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ
සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් ඇතැම් නගරාන්තර දුම්රිය සේවා අවලංගු කළ බවයි.
සාමාන්‍ය දිනවල දෛනිකව දුම්රිය ගමන් වාර 280 ක් පමණ ක්‍රියාත්මක වන අතර එය මේ වනවිට 240 ක් දක්වා අඩුවී තිබේ. සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ, තවදුරටත් කාර්යාලයීය සේවකයින් පමණක් දුම්රිය භාවිත කිරිමේ තත්ත්වයක් පවතින බවයි.