News Line| Off Air
Generic placeholder image

Jun
27

කොරෝනා ආසාදිතයින් ගණන 2014 ක් දක්වා ඉහළට

780 Views


කොරෝනා ආසාදිතයින් ගණන 2014 ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2014 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 4 සිව් දෙනෙකු වාර්තාවීමත් සමගයි.

එම අසාදිතයින් පකිස්ථානයේ සිට පැමිණ අය වන අතර ඉන් තිදෙනෙක් මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ අනෙක් ආසාදිතයා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන තිබේ.

මේ අතර කොරෝනා අසාදිතයින් 17 දෙනෙකු ඊයේ සුවය ලැබීී ය. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 1619 ක් දක්වා ඉහළ යනු ඇති.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ , පුද්ගලයින් 384 දෙනෙකු පමණි.


News Articles
Latest Videos
Most Popular Post