News Line| Off Air
Generic placeholder image

Jun
28

මුව ආවරණ නොපළඳින්නන් සොයා අද සිට දිවයින පුරා මෙහෙයුම්

1524 Views


මුව ආවරණ නොපළඳින්නන් සොයා අද සිට  දිවයින පුරා මෙහෙයුම්

මුව ආවරණ නොපළඳින පුද්ගලයින් ඇතුළු නිරෝධායන නීති කඩ කරන්නන් සොයා අද සිට දීපව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසනවා

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග පැන වූ නිරෝධායන නීති ඇතැම් පුද්ගලයින් නිසි ලෙස පිළිනොපදින බවය.

ඒ හේතුවෙන් යළි ත් මෙරට කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම ඉහළ යන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය.

මුව ආවරණ නොපළඳින පුද්ගලයින් ඇතුළු නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.


News Articles
Latest Videos
Most Popular Post