News Line| Off Air
Generic placeholder image

Jun
29

ඊයේ දිනයේ පමණක් ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 20,000 ක් වාර්තා වෙයි

555 Views


ඊයේ දිනයේ පමණක් ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 20,000 ක් වාර්තා වෙයි

ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 550,000කට ආසන්න වී තිබේ. ඒ ඊයේ (28) දිනයේ නව ආසාදිතයින් 19,620 දෙනෙකු හඳුනා ගැනිමත් සමගයි.

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් ආසාදිතයින් 549,197 දෙනෙකු වාර්තා වී තිබේ.

කෙසේවෙතත් ඉන්දීයාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාවේ කිසියම් අඩුවීමක් පෙන්නුම් කරන අතර ඊයේ දිනයේ ද සිදුව ඇත්තේ මරණ 384ක් පමණයි.

ඒ අනුව ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 16,487ක් ලෙස දැක්වෙයි.

ආසාදිතයින් 321,774 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


News Articles
Latest Videos
Most Popular Post