මෙරට කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2042 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (29) දිනයේ වාර්තා වූ නව රෝගීන් පස් දෙනා ද සමග යි.
එම රෝගීන් පස්දෙනාගෙන් තිදෙනෙකු පාකිස්ථානයේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අනෙක් දෙදෙනා බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සඳහන්.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 353 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.