News Line| Off Air
Generic placeholder image

Jul
3

පොලිසියේ ඉහල පුටු කිහිපයක් තැන් මාරු වෙයි

950 Views


පොලිසියේ ඉහල පුටු කිහිපයක් තැන් මාරු වෙයි

නියොජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරින් පිරිසක් ස්ථාන මාරු කර තිබේ. සේවා අවශ්‍යතාව මත මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ එකගතාව අනුව එම ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එස්.සි මැදවත්ත මහතා සුභසාධක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ. එම කාර්යයංශයේ රාජකාරි ඉටුකිරිම සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජේ අපොන්සු මහතා පත්කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

බස්නාහිර උතුරු දිසාව බාර නියොජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කටයුතු සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස් . පි රණසිංහ මහතා පත්කර තිබේ.

රාජ්‍ය බුද්ධිසේවාවේ නියොජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති යු.කේ මාරඹගේ මහතා පත් කර ඇති බවද පොලිස් මුලස්ථානය සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post