News Line| Off Air
Generic placeholder image

Jul
5

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2074 දක්වා ඉහළට

779 Views


කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2074 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2074 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය.

එම ආසාදිතයින් පස්දෙනාම නිරෝධායනය මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඔවුන් අතර අමෙරිකා, මැඩගස්කර්, බංග්ලාදේශ යන රටවලින් එක් පුද්ගලයකු බැගින් සිටින අතර කටාර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ඒ අතර සිටි.

මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 178 කි. ඊයේ ආසාදිතයින් 22 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 1885 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.


News Articles
Latest Videos
Most Popular Post