News Line| Off Air
Generic placeholder image

Jul
6

කුසල් මෙන්ඩිස් අද අධිකරණයට

576 Views


කුසල් මෙන්ඩිස් අද අධිකරණයට

අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(06) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින බවය.

කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(05) අලුයම ඔහු අත්අඩංගුවට ගැනුණ අතර පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් එම අනතුර සිදුවිය.

අනතුරින් මියගියේ පානදුර , ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි තිදරු පියෙකි.


News Articles
Latest Videos
Most Popular Post