බස් රථ මගී ජනතාවට සිය බස්රථය පැමිණෙන වේලාව පහසුවෙන් දැනගැනීමට හැකි නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile Passenger App) හදුන්වා දීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම ජංගම දුරකථන යෙදවුම හෙට එළිදැක්වීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ. මෙම උපකරණය තුලින් බස්රථයේ ආරම්භක ස්ථානය, ගමනාන්තය හා බස්රථයට ගොඩවන ස්ථනයේ සිට ගමනාන්තයට අය කරන මුදල ආදිය මගී ජනතාවට දැනගත හැකි වෙනවා.
ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම ජංගම දුරකථන යෙදුම ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක්
වන නුවන් සෙනවිරත්න විසින් නිපදවා ඇති බව සදහන්.