News Line| Off Air
Generic placeholder image

Jul
7

මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තවදුරටත් තර කරයි

500 Views


මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව  තවදුරටත් තර කරයි

විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ මුහුදු සීමාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව නාවික හමුදාව පවසනවා.

විශේෂයෙන් ඉන්දියාවේ සිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් මුහුදු මාර්ගයෙන් මෙරට උතුරු ප්‍රදේශයට පැමිණීමේ අවදානමක් පවතින බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

මීට පෙර අවස්ථාවල දී මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර එය තවදුරටත් තීව්‍ර කරමින් පවත්වාගෙන යන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළා.

මේ අතර නාවික හමුදාව විසින් ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post