News Line| Off Air
Generic placeholder image

Jul
9

අද කාලගුණය

477 Views


අද කාලගුණය

මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (09) දිනයේ දී මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වයඹ සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ දී ද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post