News Line| Off Air
Generic placeholder image

Jul
9

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

666 Views


මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපල අයුතු පරිහරණය වැළැක්විම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් ස්වකීය බල ප්‍රදේශයෙන් බැහැර පිහිටි දේශපාලන රැස්විම්වලට සහභාගී විම සඳහා හා ප්‍රචාරක කටයුතු මෙන්ම පෝස්ටර් අත්පත්‍රිකා ප්‍රවාහනය සඳහා සිය නිල වාහන යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

එය රාජ්‍ය දේපල අවභාවිතා කිරිමක් සේ සකලනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම පළාත් සභාව සතු වාහන හා වෙනත් උපකරණ හා බඩු භාහිරාදිය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනිම වැළැක්විම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලු පළාත් පාලන ප්‍රධානීන් වෙත අවධාරණය කර ඇත.

යම් එහෙකින් සිය නිර්දේශ කඩකර ඇති බවට සනාථ වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවේ විධාන කඩකිරිමක් ලෙස සලකා එම ආයතන ප්‍රධානීන්ට හා ඒවායේ පරිපාලන භාර නිලධාරින්ට එරෙහිව පියවර ගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post