News Line| Off Air
Generic placeholder image

Jul
10

හලාවත, මාරවිල ප්‍රදේශයේ නිවාස 10 ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරේ

1005 Views


හලාවත, මාරවිල ප්‍රදේශයේ නිවාස 10 ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරේ

මෙම නිවාස 10 තුල පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන අතර ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් අසුරු කළ පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වනවා.

එම කාන්තාවගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2154ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 60 දෙනාත් සමගය.


News Articles
Latest Videos
Most Popular Post