News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණාගාරය ලබන සඳුදා සිට ක්‍රියාත්මක කෙරේ

696 Views


කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණාගාරය ලබන සඳුදා සිට ක්‍රියාත්මක කෙරේ

විදේශවල සිට මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයින්ගේ PCR පරීක්ෂණ මෙම රසායානාගාරයේ දී සිදු කිරීමට නියමිත අතර එම සියලු පරීක්ෂණ නොමිලේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරනවා.

පරීක්ෂණාගාරයේ දැනට පවතින ධාරිතාව අනුව දෛනිකව පරීක්ෂණ 500 ක් සිදුකළ හැකියව තිබෙන අතර එම ධාරිතාව ඉදිරියේදී 1000 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණාගාරයක් නොමැති විම හේතුවෙන් පසුගිය කාලයේ දිවයින රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකිකයින්ට කොරෝනා ආසාදනය වී ඇත්දැයි තහවුරු කිරීමේ පරීක්ෂණ පිටතින් කිරීමට සිදු වූ අපහසුතාවය මගහරවා ගෙන සුළු කාලයක් ඇතුලත මෙම පරීක්ෂණ කරගැනීමට ගුවන් මගීන්ට මේ මගින් අවස්ථාව හිමිවනවා.

මේ පිලිබඳ වැඩිදුරටත් ප්‍රකාශ කල විශේෂඥ්ඥ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසා සිටියේ මෙම ගොඩනැගිල්ල සඳහා මිලියන 15 – 20 ආසන්න මුදලක් වැය වී ඇති අතර පරීක්ෂණ උපකරණ මිලියන 50 ක පමණ වටිනාකමකින් යුතු බවයි .


News Articles
Latest Videos
Most Popular Post