News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ඊයේ දිනයේ නව ආසාදිතයින් ගණන 300ක් හදුනා ගැනේ

808 Views


ඊයේ දිනයේ  නව ආසාදිතයින් ගණන 300ක් හදුනා ගැනේ

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2454 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 300 දෙනාත් සමගයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, පාකිස්ථානයේ සිට පැමිණි අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ දක්වා කාලය තුළ දිනක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 300 දෙනෙක් ඊයේ හඳුනා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post